මත්කුඩු ඇබ්බැහිවූවන් දෙදෙනකු නාරාහේන්පිට ඇන්ඩසන් මහල් නිවාස සංකීර්ණයට අයත් පොලිස් නිල නිවසක් බිද රන්, රිදී ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කර ඇත. සොරකම් කළ පුද්ගලයන් දෙදෙනා සහ එම රන් භාණ්ඩ සන්තකයේ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශය කියයි.
පොලිසිය පැවසුවේ සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සොරා ගත් භාණ්ඩවලින් රන් ,රිදී මුදු ,මාල ,වළලු , දුරකථන 3 ක්, අත් ඔරලෝසු 5ක් සහ තවත් භාණ්ඩ රැසක් සැකකරුවන් විසින් පුද්ගලයකුට උකස් කර තිබියදී සොයාගත් බවත් භාණ්ඩවල වටිනාකම තක්සේරු කර නොමැති බවත්ය.
නාරාහේන්පිට මැල්වත්ත හා අභයාරාම වත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් වන සැකකරුවන් අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් වන අතර අවුරුදු 30 සිට 40 දක්වා වයස්වල පසු වන්නන් බවත් බව පොලිසිය කියයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




