පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ වයස අවුරුදු 5යි මාස 8 ක බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කර සමාජ මාධ්‍ය ඔස්සේ එය ප්‍රචාරය කළැයි කියන විසි හැවිරිදි විවාහකයකු නුගේගොඩ දී අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනය කළ සැකකරු එම අපරාදය වීඩියෝ ගතකර එම දර්ශන සිය මිතුරු මිතුරියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යවා ඇති බවයි.
මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ ද සිදු කළ වරදක් බවත් සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ළමා හා කාන්තා කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
තම දරුවන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මව්පියන් මෙන්ම වැඩිහිටියන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවත් දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සමස්ත සමාජයේම වගකීම මෙන්ම එය නෛතික බැඳීමක් බව තරයේ සිහි තබා ගත යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




