31ක් හැවිරිදි වෛද්‍යවරියක් කොවිඩ් වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (23) පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ඇතිවූ සංකුලතා මත බහුවිද අවයව අකර්මන්‍යවීම ඇගේ මරණයට හේතුව වූ බවයි.
තරින්දි දිල්ෂිකා විතානගේ නැමති ඇය රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියකි. මෙසේ මියගොස් ඇති ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
රෝහලේ සේවය කරමින් සිටියදී මෙම වෛද්‍යවරිය ඉකුත් මස පෞද්ගලික රෝහලකින් පි.සී.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.පසුව ඇය හෝටලයක පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගී තත්වය උත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබා ඇතැයි වාර්තා වේ.
මෙම වෛද්‍යවරිය ඉකුත් 2 වැනි දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදා පස්වරුවේ මියගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




