රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වීම ගැන සතුටු විය හැකි වුවත් ආණ්ඩුවේ අසාර්ථක සෞඛ්‍ය කළමනාකරණය නිසා ඕනෑම මොහොතක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක් තිබෙන බවයි.
රත්නප්‍රිය මහතා තවදුරටත් පැවසුවේ කොරෝනා මර්දනය සඳහා ජීවිත පරදුවට තබා ක්‍රියා කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ කොරෝනා සහන දීමනාව පවා මේ වන විට කප්පාදු කර තිබෙන බවත් කොරෝනා මර්දනය වෙනුවෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන සහාය නොලැබුණොත් ලබන සදුදා (27) බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සඳහන් කළේය.
මරණ සංඛ්‍යාව අඩු වුණත් නිවෙස් වල මියයන ප්‍රතිශතය වැඩිවී තිබෙන අතර එය හොඳ තත්ත්වයක් නොවන බවත් ඒ නිසා පරීක්ෂණ හරියට කර රටේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්නැයි ආණ්ඩුවට පවසන බවද රත්නප්‍රිය මහතා පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




