අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බවයි.
මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලේකම්වවරයා පැවසුවා.
ඒ අනුව පළමු අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි හැකි ඉක්මනින් ආරම්භ කරන බවයි මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.
එම පාසල් සියල්ලම ආරම්භ කිරීමට හැකියාව ඇති බව සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුම් දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.
දරුවා ආරක්ෂිතව පාසල තුළ රඳවා තබා ගැනීම සඳහා සුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා අද සිට භෞතිකව නිරීක්ෂණයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.
එවැනි පාසල් 3884ක් තිබෙන බවත් එමහතා පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




