2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කළ අතර සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල නොමැතිව දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය වන අවම සුදුසුකම් සහිත නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව " සෞන්දර්ය විෂයන්ට ඉදිරිපත් වෙච්ච දරුවෝ 170000 ගේ ප්‍රතිඵලය විෂයන් පහක් සමත් වෙලා තියෙනවා නම්,සම්මාන දෙකක් තියෙනවා නම් , නිපුණතා මට්ටම 1, 2 ,3, 4 ලෙස ප්‍රතිඵලය ප්‍රතිඵල ලේඛනයේ සෞන්දර්‍ර්‍ය විශය සඳහා තියෙනවා නම් ඒ දරුවාට ප්‍රතිඵලය එනතුරු අපි අවස්ථාව දෙනවා උසස්පෙළ පන්තියේ විෂය ධාරාවන් හදාරන්න." ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විශයන්වල ප්‍රතිඵල නිකුත් නොකළ ද සමස්තයක් වශයෙන් පළමු වර පාසල්වලින් පෙනී සිටින දරුවන්ගෙන් 75.12% ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.
පාසල් විවෘත කිරීමෙන් පසු සෞන්දර්ය විෂයයන් වල ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැවත එම ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව කෝවිඩ් උවදුර සමනය වීමෙන් පසුව පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද (24) zoom තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විභාගය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




