නිවේදන අංකය : 01
වර්ණය : ඇම්බර්
තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 සැප්තැම්බර් මස 26 වන දින පෙ.ව. 06.30 වන තෙක් වලංගු වන පරිදි 2021 සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව. 06.30 ට නිකුත් කරන ලදී.
ගොඩබිම් ප්‍රදේශ සඳහා
ගොඩබිම් ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
ඉදිරි පැය 24 තුල දිවයිනේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් නිරිත දිග මෝසම තත්වය සක්‍රිය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම්ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





