මඩකලපුව දිස්ත්‍රික් ග්‍රාමීය ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ එහි මූලික අදියර ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණු වන්දරාමුණේ ඩයමන්ඩ්ස් ක්‍රීඩාංගණය, මිරංගනී පාතාත් ක්‍රීඩාංගණය සහ කොට්ටයික්කල්රු ක්‍රීඩාංගණය පසුගිය දා (21) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබෙනවා.
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මැතිතුමාගේ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වුණා.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් එමගින් මෙම පලාතේ තරුණ තරුණියන්ට තම තමන්ගේ දක්ශතා වැඩි දියුණු කර ගැනීමටත්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් දැනුම ලබා ගැනීමටත් හැකි බව පෙන්වා දුන්නා.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කලා කටයුතු මෙන්ම දෙස් විදෙස් රැකියා සදහා යොමු වීමටත් එම මධ්‍යස්ථාන මගින් අවස්ථාව සැළසෙන බවයි.
පළමු අදියර යටතේ විවෘත කරන ලද මෙම ක්‍රීඩාංගණ ඉදිරියේදී නවීන පහසුකම් සහිතව තවත් දියුණු කරන බවත් පාසල් සදහා ක්‍රීඩා උපකරණ හා පුහුණුකරුවන් ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරන බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විශේෂයෙන් වෙරළ ආශ්‍රිතව සිදු කරන බීච් වොලිබෝල් ක්‍රීඩාව මෙම ප්‍රදේශයේ වෙරළ තීරයන් වල ප්‍රචලිත කල හැකි බවත් ඒ තුලින් දක්ශතා දක්වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟ බිමට යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් එහිදී මඩකලපුව ප්‍රදේශයේ තරුණ තරුණියන් ද ජාත්‍යන්තර තරඟ බිමේ ක්‍රීඩා කරන අයුරු දැකීම තම අපේක්ෂාව බවයි.
මෙහි දී අමාත්‍යවරයා කරදියනාරු රජයේ පශු වෛද්‍ය කාර්යාලයට ද ගොස් සත්ව ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කරන්නන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව නැගෙනහිර කිරි නිෂ්පාදනයෙන් දේශීය පරිභෝජනයට 18% ක පමණ දායකත්වයක් ලබා දෙන අතර ගව ආහාර ලෙස ගැනෙන තණකොළ වැවී ඇති රජයේ ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා යොදා ගැනීම නිසා ගවයන්ගේ කිරි නිෂ්පාදනයට එය විශාල ගැටළුවක් වී ඇති බව නිෂ්පාදකයින් විසින් පෙන්වා දී ඇති අතර එම ගැටළුවට අමාත්‍යවරයාගේ අවධානය යොමු කර කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් , ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය තේනූක විදානගමගේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්, මඩකලපුව දිසාපති කේ.කරුණාකරන් සහ දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් ප්‍රසන්තන් මහතා ද මෙම සංචාරයට එක්ව සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.










