
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන වයස අවුරුදු 18 ට අඩු ළමයින් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බවටවූ නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
හෙතෙම සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයට මෙම නව සංශෝධනය එක් කෙරෙන බවයි.
ඇමැතිවරයා ප්‍රකාශ කළේ යම් අපරාධයක් කරන අවස්ථාවේදී පුද්ගලයකුගේ වයස අවුරුදු 18 ට අඩු නම් ඒ තැනත්තාට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බවටත් ඒ වෙනුවට වෙනත් සුදුසු දඬුවමක් ලබා දිය යුතු බවටත් මෙම නව සංශෝධනය මගින් නියම කෙරෙන්නේ බවයි.
අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ විශේෂ කමිටුවක් විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



