කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා රැලි යළිත් මතුවීම වැළැක්විය නොහැකි බවත්ය.
හෙතෙම සඳහන් කළේ රට විවෘත කළ පසු ජනතාව මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු වන බවත් ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් තමාට යම් උපදෙසක් ලබාදෙනු ඇති බවත්ය.
යුද හමුදාපතිවරයා පැවසුවේ රටේ කොරෝනා ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනයවී ඇති බවත් රටේ කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුනේදි තවදුරටත් අඩු වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද පෙන්වා දුන්නේය.
කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රඳවා රැක බලාගැනීමේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකවූ බවත් කොරෝනා පැතිරීම පාලනයට එය ලොකු පිටුබලයක් වූ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශද සකස් කෙරෙමින් පවතින බවත් රටේ මුළු ජනගහනයෙන් සියයට 51කට පමණ කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බවත් පැවැසූහ. සෙසු වයස් කණ්ඩායම්වල ජනතාවටද එන්නත කඩිනමින් ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව එමහතා පැවැසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




