දිස්ත්‍රික්ක හතරක අවුරුදු 20- 29 අතර පිරිස එන්නත් කිරීම අද සිට ආරම්භ කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පුද්ගලයන්ට එන්නත් ලබාදීමට නියමිත අතර මෙහිදී එන්නත් ලබා දෙන්නේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණක් බව වාර්තා වනවා.
මෙම එක් එක් දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවල දීම එන්නත් ලබා දෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ විහාර මහා දේවී උද්‍යානය, දියත උයන,පනාගොඩ යුද හමුදා කදවුර සහ වේරහැර යුධහමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී ද අවුරුදු 20-29 අතර පිරිසට එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.