දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් තරඟයේ කාසිය වාසිය දිනූ අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
ජැනමන් මාලන් ලකුණු 121ක්ද රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 51ක්ද දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රැස්කළේය.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු 2ක් දවාගත් අතර ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටිහ. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව තරඟය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දු ඕවර 41ක් තුළ ලකුණු 265ක් ලබා ගත යුතු විය.
ශ්‍රී ලංකා කණ්ඩාමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 197ක් පමණි. චරිත් අසලංක ලකුණු 77ක් රැස්කළ අතර චාමික කරුණාරත්න ලකුණු 36ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී ටබ්රායිස් ෂම්සි කඩුලු 5ක් දවාගත් අතර කගිසෝ රබාඩා කඩුලු 2ක් දවාගත්තේය.
තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 1-1 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සම තත්ත්වයේ පසුවේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.