සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බවයි.
කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ජයසුරිය මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
මීට ඉහත මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කර ඇති ඒ මහතා පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය.
අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී එමහතා මරණයට පත්ව ඇති බව කියයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




