ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්ප විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටියක් සහ අලෙවිසැලක් නිර්මාණය කිරීමට රුසියාවේ මොස්කව් අගනුවර වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික සතිය මඟින් ආරාධනා ලැබ ඇතැයි වෙිවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
රණවීර මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද කලා නිර්මාණ සංස්කෘතික ප්‍රදර්ශනයට යැවීම සඳහා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට විදේශ අමාත්‍යාංශයේ දී බාරදුන් බවය.
මෙලෙස මොස්කව් යවන ශ්‍රී ලාංකික කලා නිර්මාණ වලින් කොටසක් රුසියානු ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහාද ඉල්ලීම් ලැබී ඇති බවත් ඔක්තෝම්බර් මස 03 වන දා සිට 09 වන දා දක්වා රුසියානු ජාතික සංස්කෘතික ප්‍රදර්ශනය මොස්කව් අගනුවර දී පැවැත්වෙන බවත් ප්‍රසන්න රණවීර මහතා කියයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.