ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ඊයේ (13) පස්වරුවේ පත්කරනු ලැබීය.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බවත් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ලබන 16 වෙනිදා සිට වැඩ බාර ගැනීමට නියමිත බවයි.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙයට පෙරද වසර නමයකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය හෙබවූයේය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු හෙබවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඊයේ (13) ඉල්ලා අස්වූනා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




