කොවිඩ් 19 ආසාදනය වීමෙන් කෑගල්ල නගර සභාවේ උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා (50) ඊයේ (13) සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.
අද 14 දා සවස උප නගරාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතය.
එමහතා 2006 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී කෑගල්ල නගර සභාවට ප්‍රථම වරට තරග කොට ජයග්‍රහණය කර කෑගල්ල නගර සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.
එමෙන්ම 2011 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කර කෑගල්ල නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ මහතා පැවසුවේ ලලිත් ජයශාන්ත මහතා 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී යලි කෑගල්ල නගර කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර කොට්ඨාසය ජයග්‍රහණය කර යළි දෙවැනි වතාවට කෑගල්ල නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස සේවය කළ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




