එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 21 වැනි දා සමුළුව ඇමැතීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර සැසිවාරය ආරම්භ වන දිනයේම සමුළුව ඇමතීමට නියමිතය.මෙම සංචාරයට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග , විදේශ කටයුතු ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද එක්ව සිටිති.
ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද මෙම සංචාරයට එක්වී සිටින අතර, රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් මෙම සංචාරයට එක්ව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.