ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටියේ එක්සත් රාජධානියේ කොවිඩ් අවදානම් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට එරට රජය තීරණය කර ඇති බවයි.
එම තීන්දුව ලබන 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල සිට පැමිණෙන සංචාරකයින්, පුද්ගලයින් සඳහා එම තීරණයට අනුව හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අනවශ්‍ය බව එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් මහතා පැවසීය.
එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවත් එම රටවල් ලෙස තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව නම් වේ.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ එරට රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනද සිය ප්‍රසාදය පළ කළ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.