සිලෝන් ටී නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු යක්කල දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඊයේ (17) සවස යක්කල පොලිස් වසමේ කොළඹ නුවර මාර්ගයේ බැලුම්මහර හන්දිය අසල දී වැටලීමකදී තේ කිලෝ 8155 සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අපනයනය සඳහා බලපත්‍ර නොමැතිව ගම්පොල ප්‍රදේශයේ සිට මුතුරාජවෙල ප්‍රදේශය වෙත මෙම තේ තොගය ප්‍රවාහනය කර තිබු බවද විශේෂ කාර්ය බලකාය කියයි.
වයස අවු 28 ක් හා අවු 43 ක් වන අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
2020.06.21 වන දින සිට මේ දක්වා විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කසල තේ කිලෝ 2,67,000 අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය තවදුරටත් කියා සිටියේ ලෝක වෙළදපලේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන බවයි. Ceylon Tea නාමයට විදේශයන් හී පවතින ඉහළ ඉල්ලුම හා විශ්වාසනීයත්වය පලුදු කිරීම මෙම කසළ තේ අපනයනය නිසා අහිතකර ලෙස බලපෑම් සිදු කරනු ලබන බවද ඔවුන් පෙන්වා දෙති.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.