කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
වර්ණය :ඇම්බර්
විමසිලිමත් වන්න!
උතුර, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ආරක්ෂිත පියවර: අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.
• එළිමහන්නේ හෝ ගස් යට නො සිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න. කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන් ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැඳී
සිටීමෙන් වළකින්න.
• රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.
• තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව
සැලකිලිමත් වන්න.
• හදිසි තත්ත්වයක දී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් ගේ සහය පතන්න.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.