ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ෆයිසර් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 40 ක් ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවයි.
ඉදිරි සති තුනේදී මෙරටට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා හත් ලක්ෂ දහතුන් දහසක් ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ මහතා පවසන පරිදි වයස් අවුරුදු 12ත් 19ත් අතර විවිධ ලෙඩ රෝග, සංජානනීය ආබාධවලින් පෙළෙන දරුවන්ටද ඉදිරි දිනවල ෆයිසර් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තුන් කෝටි පහළොස් ලක්ෂයක් මෙරටට මේ දක්වා ලැබී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.