ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් "2021 වසර සදහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා" කිරුළ දිනා ගෙන ඇත.
17 හැවිරිදි තරුණියක් වන ඇය 19 වනදා රාත්‍රී පැවැත්වූ මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා තරගයේ අවසන් වටයේ අවසන් තරගකාරියන් 14 දෙනෙකු අභිබවා යමින් මෙම කිරුළ හිමිකර ගත්තාය.
ඇය මෙම ජයග්‍රහණයෙන් පසුව මිස් ටීන් ජාත්‍යන්තර තරගාවලිය වෙනුවෙන් බොට්ස්වානා රාජ්‍යය නියෝජනය කිරීමට නියමිතය.
මෙම කිරුළ දිනා ගැනීමට හැකිවීම තමාට මහත් අභිමානයක් වන බවත් මිස් ටීන් ජාත්‍යන්තර කිරුළ රටට හිමිකර දීමාට තමන් නොඉවසිල්ලෙන් සිටින බවත් ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කර තිබුණි.
ඇය 2019/2020 වසර සදහා වන ''ලිට්ස් මිස් ප්‍රින්සස් ඔෆ් ද වර්ල්ඩ් '' ලෝක තරගාවලියේ දෙවැනි ස්ථානය ද ජයග්‍රහණය කළාය.
බොට්ස්වානා හී ව්‍යාපාරිකයෙකු වන ගිම්හානි පෙරේරා ගේ පියා වන බන්දිත පෙරේරා මහතා 1990 වසරේදී බොට්ස්වානා වෙත පදිංචියට ගොස් ඇත.බොට්ස්වානා හී පිලක්වේ ප්‍රදේශයේ පදිංචි ගිම්හානි එරට ලිවින්ස්ටෝන් කොලෝබෙන්ග් කොලීජියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවකද වන්නීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.