මීට සුළු මොහොතකට පෙර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු සභාවේ පළමු කටයුත්ත ලෙස ජයන්ත කැටගොඩ මහතාගේ දිවුරුම්දීම සිදුකෙරුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.
09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද එමහතා කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා මෙලෙස එම සභා වාරය තුළ දිවුරුම් දෙන්නේ දෙවන වරටය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.