වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක කොවිඩ් 19 වයිසරය ආසාදිතව ජිවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරිය මියගොස් ඇති බවයි.
වවුනියාව තේක්කවත්ත පදිංචි වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියකි එලෙස මියගොස් ඇති අතර ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේ ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස වවුනියාව නගර සභාවට තේරී පත්ව සිටියාය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.