පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් ඉවත්වීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා.
මේ මස 02 දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුදුලුනු වංචාවට තමන් සම්බන්ධ බව ඔප්පු කළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ සමුපකාර දෙපාර්තමේන්තුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතේ පැවතිය ද කැබිනට් අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණ මට්ටමින් ඒවායේ කටයුතුවලට සම්බන්ධ වී ඇති බව වාර්තා වනවා.
එහෙත් පසුගියදා පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ සහ විවිධ පාර්ශවවලින් එල්ලවන චෝදනා සැලකිල්ලට ගනිමින් තමා මෙම ආයතනවල කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
"දැනට වංචාවට සම්බන්ධ අය පෑලියගොඩ පොලිසිය මගින් පරීක්ෂණවලට ගෙනියලා සමහරු බන්ධනාගාර ගත කරලා ඇප දීලා තියෙනවා.යම්කිසි ආකාරයකින් නූල් පොටකින් හරි හොරකමකට වංචාවකට දූෂණයකට හෝ අක්‍රමිකතාවකට සුදුලූනු වන්චාවට මම සම්බන්ධ යැයි ඔප්පු කළොත් ඒ සැණින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් හා අමාත්‍යධුරයෙන් ඉවත්වන අතර සදහටම ලාංකීය දේශපාලනයෙන් සමු ගැනීම මගේ බලාපොරොත්තුවයි."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.