අද (05) අළුයම දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටර් කණුව ආසන්නයේ දි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ගිණිගෙන ඇතැයි අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.
මොටර් රථයේ රියදුරුට කිසිදු අනතුරක් සිදු වී නොමැත.
මෙම මෝටර් රථය පින්නදුව පිවිසුමෙන් කොළඹ බලායාම සදහා අධිවේගී මාර්ගයට ඇතුල් වී ඇත. අධිවේගී මාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිණිගෙන ඇත. මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.
අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පැවසුවේ, අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.