සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී පැවසුවේ රටපුරා විදුලි පාරිභෝගිකයන් විදුලිය පාවිච්චිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි හාර දහස් හාරසීයක පමණ මුදලක් පසුගිය කොවිඩ් සමයේදී ගෙවීම පැහැර හැර ඇති බවයි.
ලොකුගේ මහතා පැවසුවේ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පුද්ගලයන්ට එම හිඟ මුදල් කොටස් වශයෙන් ගෙවීම සඳහා වසරක සහන කාල සීමාවක් ලබාදී ඇති බවත් හිඟ වාරික ගෙවන අතරේ මාසික විදුලි බිල්පත අඛණ්ඩව ගෙවිය යුතු බවද සඳහන් කළේය.මෙයට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද අමැතිවරයා පැවසුවේය.
මෙහිදී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා විමසා සිටියේ විශාල පිරිසකගේ ආදායම් කොවිඩ් සමයේදී අහිමිවී ඇති හෙයින් විදුලි බිල සම්බන්ධයෙන් ඒ අයට කිසියම් සහනයක් ලබා දෙන්නේ දැයි කියාය. එමෙන්ම කොළඹ විදුලි පාරිභෝගිකයන් රැසකගේ නිවෙස්වල විදුලිය හිඟ විදුලි බිල්පත් හේතුවෙන් දැනටමත් විසන්ධි කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.