ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මැලේරියාවට එරෙහිව නිපදවා ඇති ලොව පළමු සහ එකම එන්නතට අනුමැතිය ලබා දී ඇත.
බ්‍රිතාන්‍යයේ 'ග්ලැසෝස්මිත්ක්ලයින්' හෙවත් 'ජී.එස්.කේ' ඖෂධ නිෂ්පාදන සමාගමය 'RTS,S/AS01' යන නමින් නම් කළ මෙම එන්නත නිපදවා ඇත.මෙම ඖෂධ නිෂ්පාදන සමාගම 'ඇමොක්සිලින්' ඇතුළු ලොව වැඩියෙන් භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක් නිපදවන අතර මෙහි මූලස්ථානය ලන්ඩන් නුවර පිහිටා ඇත.
1987 වසරේදී බ්‍රිතාන්‍යයේ 'ජී.එස්.කේ' ඖෂධ නිෂ්පාදන සමාගම, මෙම එන්නත නිපදවීම ආරම්භ කර ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ සායනික පර්යේෂණ රැසකට මෙම එන්නත යොමු කර එහි සාර්ථකත්වය පරීක්ෂා කර බැලිණි.
වාහකයකු මගින් බෝවන ආසාදිත රෝගයක් වන මැලේරියාවට, මුල් වන්නේ ප්‍රොටෝසෝවා (ඒක සෛලික ජීවියෙක්) පරපොෂිතයෙකි. මදුරු දෂ්ටනයෙන් පසු මැලේරියා පරපෝෂිතයන් මනුෂ්‍ය සිරුරට ඇතුළු වෙයි. මැලේරියා පරපෝෂිත විශේෂ 5 ක් හඳුනාගෙන ඇති අතර, එයින් මාරක විශේෂය වන්නේ 'ප්ලාස්මෝඩියම් ෆැල්සිපරම්' ය. RTS,S/AS01 එන්නත මෙම විශේෂයට එරෙහිව සාර්ථකව සටන් කරයි. මැලේරියා පරපෝෂිතයන් පරිවහණය කරනු ලබන්නේ ගැහැනු ඇනෝපිලස් මදුරුවාය.
වසරකට ලක්ෂ 4 ක් පමණ මැලේරියාවෙන් මියයති. අප්‍රිකා මහද්වීපයේ වැඩි වශයෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වන අතර මැලේරියා මරණවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා රටවල් හයකිනි. එයින් ද වැඩිම මැලේරියා මරණ වාර්තා වන්නේ නයිජීරියාවෙනි.
මැලේරියා වයිරසයේ රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, හන්දි වේදනාව, අධික දහඩිය හැදින්විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, සෑම මිනිත්තුවකටම අප්‍රිකාවේ දරුවකු මැලේරියාවෙන් මියයයි.
RTS,S/AS01 එන්නත් මාත්‍රා මිලියන දෙකක් 2019 දී නියමු ව්‍යාපෘතියක් යටතේ ඝානා, කෙන්යා සහ මලාවි යන අප්‍රිකා රටවල වැසියන්ට ලබා දුන්නේය. එහි වාර්තාව අනුව, එන්නත ආරක්ෂිත බවත්, මැලේරියාව අඩපණ කරන බවත් තහවුරු කෙරුණි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී විශේෂ මාධය හමුවක් කැඳවමින් එන්නත නිර්දේශ කළේය.
"ලොව පළමු මැලේරියා එන්නත වන RTS,S/AS01 එන්නත මහා පරිමාණයෙන් භාවිතයට සුදුසු බව අප නිර්දේශ කරනවා. මැලේරියාවට එරෙහි සටන ජය ගැනීමට මෙම එන්නතට හැකිවේවි' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්‍රියේසිස් ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
මේ වනවිට වයිරස සහ බැක්ටීරියා ආසාදන සඳහා එන්නත් නිපදවා ඇති අතර ඒවාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. කෙසේ නමුත් පරයෝෂිතයකුට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතක් අනුමත කළ පළමු අවස්ථාව අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.