කොළඹ වානිජ මහාධිකරණය කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් (Xpress Perl) නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ අතර නැව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළේය.
ට්‍රියිකෝ සමාගම විසින් මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට ගෙන් වූ විවිධ වර්ගයේ භාණ්ඩ ඇතුළත් බහලුම් හයක් විනාශවීම හේතුවෙන් එම සමාගමට සිදුව ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක පාඩුව අයකර දෙන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය එලෙස නියම කළේය.
අධිකරණය මෙම නඩුව ලබන 21 වැනි දා කැඳවීමට නියම කරන ලදී. එදිනට නැවේ හිමිකාර සමාගමට එහි දේශීය නියෝජිත සමාගම ඇතුළු වගඋත්තර කරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි ද නියෝග කරමින් නොතිසි නිකුත් කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.