ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප‍්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 68 ක් වන අතර කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) පෙරවරුවේ ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
හෘදයාබාදයක් හේතුවෙන් සති දෙකක පමණ කාලයක් රෝහල්ගතවී සිටි ඒ් මහතාට සහ ඔහුගේ පාදයේ ඇතිවු තුවාලයක් හේතුවෙන් පසුගිය සතියේ ශල්‍යකර්මයක් ද සිදුකෙරුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලැබූ සහ පළමු පන්දුව යැවූ ක්‍රීඩකයා වන බන්ධුල වර්ණපුර මහතා 1975 වසරේ සිට 1982 වසර දක්වා ක්‍රීඩාවේ නියැලුනු අතර ඔහු අර්බුදකාරී දකුණු අප්‍රිකානූ තරඟ සංචාරයෙන් පසු තරඟ තහනමකට ද ලක්වුණි.
බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කර අතර රෝහල්ගවන තෙක්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



