පොලිස් නිලධාරීන් 225ක් සහකාර පොලිස් අධිකාරිධූරයට උසස් කිරීමත් සමඟ හිස් වූ පොලිස් ස්ථානාධිපති තනතුරු ලබා ගැනීම සඳහා මැති ඇමැතිවරුන්ගේ ලිපි රැගත් නිලධාරීන් විශාල පිරිසක් 11 දින උදෑසන මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා.
පොලිස් ජීප් රථ ද ඇතුලුව වාහන සියයක් පමණ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට රැස් වී තිබූ අතර අමාත්‍යංශයේ ආරක්ෂක අංශ විසින් එම නිලධාරීන් හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 225ක් පසුගියදා උසස් වීමත් සමඟ පොලිස් ස්ථානාධිපති තනතුරු 120ක් පමණ පුරප්පාඩු වී තිබුණද දේශපාලඥයන්ගේ නිර්දේශ ලිපි ප්‍රතික්ෂේප කරන බවත් මින් පෙර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූවන්ට ප්‍රමුඛත්වය දෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ස්ථානාධිපතිධූරයක් ලබා දීමට තරම් එය සුදුසුකමක් නොවන බවයි.
සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් බොහෝ පිරිසක් දේශපාලඥයන්ගේ ලිපි රැගෙන තනතුරු අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.