ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය. එහිදී අදහස් දැක්වූ ඇය,
"ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළා , එය අතිශයින්ම ඉන්දියාව මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූණා ඒ ගැන මා ඉතා සතුටු වෙනවා"
තවදුරටත් අදහස් දැක්වූ යොහානි ද සිල්වා,
"මම ඉන්දියාවේ නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල සංගීත ප්‍රසංග සදහා සහභාගී වුණා.එහිදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි උනා . මට ඒ පිළිබඳව ගොඩක් සතුටුයි .
මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීමටයි . දැන් ඒ ඇල්බමයේ ගොඩක් වැඩ අවසන් කරල තියෙනවා"
කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.