ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට කටයුතු කර ඇත.
එනම් 2021 අප්‍රේල් මස 01 දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව ඉහත කල් ඉකුත්වීමේ දින සිට මාස 12 ක් දක්වා දීර්ඝ කොට ඇත.
තවද රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 ඔක්තෝබර් මස 01 දිනෙන් ආරම්භ වී 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව ඉහත කල් ඉක්තුවීමේ දින සිට මාස 06 කින් ද දීර්ඝ කර ඇත.
මෙම කාලසීමාවෙන් පසුව රියදුරු බලපත්‍ර අළුත්කිරීමේදී රියදුරු බලපත්‍රලාභීන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් අයකරනු ලබන දඩ මුදල ගෙවීමකින් තොරව රියදුරු බලපත්‍ර අළුත් කරගැනීමට හැකියාව ලැබේ.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි පිරිස් ලක් වූ අපහසුතාව හේතුකොටගෙන මෙම තීරණය ගත් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.