මැනිකේ මගේ හිතේ ගීතය ඔස්සේ ඉන්දියාව ඇතුළු රටවල් රැසක ජනප්‍රියත්වයට පත්වූ යොවුන් ගායිකා යොහානි ද සිල්වා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම නව තනතුර භාර ගැනීමට ඇය කැමැත්ත පළ කර තිබෙන අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඩුබායි හි පැවැත්වෙන වර්ල්ඩ් එක්ස්පො 2020 ප්‍රදර්ශනයේ සමගාමී අංගයක් වන ග්ලෝබල් ෆෙස්ටිවල් හි දී ශ්‍රී ලංකා සංචාරක ගීතය එළිදැක්වීමට නියමිත බවත් එම ගීත නිර්මාණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ප්‍රදානය කරන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව යොහානි සමග ඩුබායි හිදී සංස්කෘතික විවිධප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
එමෙන් ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳ කියවෙන යොහානි විසින් පද රචනය සහ ගායනා කරනු ලබන සංගීත රූප රචනාවක් ද ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.