දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල දී ලබන සදුදා (11) සිට සිකුරාදා (15) දක්වා විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුයුක්ත කරන කණ්ඩායම් මගින් මෙම එන්නත්කරන කටයුතු සිදුකිරීමට නියමිත අතර විශ්වවිද්‍යාල සිසුන්ට තමා පදිංචි ස්ථානයට ආසන්නයේ පිහිටි ඕනෑම විශ්ව විද්‍යාලයකින් මෙම කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
පාසල් සහ විශ්ව විද්‍යාල කඩිනමින් නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත් එන්නත් ලබා නොගත් සියලුම සිසුන්ට එන්නත ලබා ගන්නා ලෙසත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.