මේ දිනවල රටතුල දැඩි ගෑස් හිඟයක් ඇති වී තිබෙන බැවින් ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටී.
‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය පවසන්නේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300 ත් 400 ත් ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවයි.
ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන්නේ බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා බවත් ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවට වැඳීමට සිදුවී ඇති බවත් ඔහු වැඩ්දුරටත් සඳහන් කරසිටී.
තම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ‘ලාෆ්’ ගෑස් හිඟයත් සමඟ ලිට්‍රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් මෙම හිඟය ඇතිවී තිබෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.