අද (03) සහ හෙට (04) රටම අඳුරේ තබන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළද එවැනි විදුලිය විසන්ධි වීමක් කිසි සේත්ම සිදුවීමට ඉඩනොතබන බව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කරනවා.
ඊයේ (02) ලංකා විදුලිබල මණ්ඩලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළා.ස්භාවික ආපදාවක් හේතුවෙන් විදුලිය බිඳවැටුණ ද එය කඩිනමින් නිරාකරණය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවත් හදිසි විදුලි විසන්ධි වීමක් පිළිබඳ කිසිසේත්ම අනියත බියක් ඇති නොකරගන්නා ලෙසත් සභාපතිවරයා මහජනතාවට නිවේදනය කර සිටියා.
මේ අතර වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට මේ දක්වා නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් නොකර ඇති පසුබිමක හදිසි වර්ජනයක නිරතවීම ආයතන සංග්‍රහයන්ට අනුව විනය විරෝධී ක්‍රියාවක් බවත්, නොදන්වා සේවයට වාර්තා නොකර සිටින අයවලුන් සේවය හැරගියා සේ සළකා කටයුතු කිරීමට හැකියාවක් අතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.