මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර ඊයේ (2) පැවැති සාකච්ඡාවකදී ගත් තීරණයත් අනුව සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජය පවසයි.
හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
පාරිභෝගියන්ට අවශ්‍ය සීනි හිඟයකින් තොරව ලබා දෙන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආනයනකරුවන්ට දැනුම් දී ඇත.
අද (3) දිනයේ සීනි පාලන මිල ඉවත් කිරීමට සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කරන බව පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් කියා සිටී.
ඉකුත් අගෝස්තු මාසයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 125කට ද පැකට් නොකළ සිදු සීනි කිලෝවක මිල 122කට ද පැකට් කළ රතු සීනි කිලෝවක මිල රුපියල් 125ක හා පැකට් නොකළ රතු සීනි කිලෝවක මිට රුපියල් 128 ද පාලන මලට අලෙවි කරන ලදි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



