නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇති බවත් දිවයින පුරා අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බවත්ය.
රෝහල්වලදී සහ තෝරාගත් ස්ථානවලදී පුද්ගලයන් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එමහතා පැවසීය.
මේ අතර පුද්ගල ඒකරාශීවීම්, ආයතනවල රැස්වීම් සහ විවිධ ක්‍රියාකාරකම් කොවිඩ් පැතිරීම වේගවත් කර ඇතැයි පවසන හේමන්ත හේරත් මහතා එවැනි කටයුතුවලින් ඈත්වී සිටින ලෙස ද ඉල්ලීමක් කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් පොදු ප්‍රවාහන භාවිතයේදී සහ සෙසු කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවත් අවශ්‍ය නිර්දේශ ලැබුණු පසු සයිනොෆාම් තෙවැනි මාත්‍රාව ලබා දීමට සූදානම් බවත් ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



