ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇති වී ඇති ගැටලුවක් හේතුවෙන් වෙළෙඳපොළෙහි තාවකාලික ගෘහස්ත ගෑස් හිඟයක් පවතින බව එම සමාගම් කියා සිටියි.
ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ ඩොලර් ලබා නොදීම හේතුවෙන් එම අර්බුදය හටගෙන ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පැවසීය.
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපිවලට අදාළ ව සියයට 109ක සුරැකුමක් ගෑස් සපයන සමාගම් විසින් ඉල්ලා සිටිම හේතුවෙන් මෙම අර්බුධය ඇතිවී ඇති බවයි.
කෙසේවෙතත් පසුගියදා වරාය වෙත පැමිණි නෞකාවෙන් මේ වන විට ගෑස් ගොඩබෑම සිදුවෙමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුළ එම තොග වෙළෙඳපොළ ට නිකුත් කෙරෙන බව ද එම සමාගම පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



