ස්විට්සර්ලන්තයේ "ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ" (Swiss International Air Line) ප්‍රථම මංගල ගුවන් යානය අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.
ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට පැමිණි ඩබ්ලිව්.කේ.- 64 දරන ගුවන් යානය අද උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ සංචාරකයන් 96 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු ද සමගයි.
ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද (05) සිට සතියකට එක් වරක්, එනම් සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



