අමාත්‍යවරුන්ගේ සහ ප්‍රභූ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් සහ පසුපසින් ගමන් ගන්න බැකප් වාහන භාවිතය නතර කළහොත් ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් බතික්, අත් යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාවත්ත ප්‍රදේශයේ උත්සවකට සහභාගි වීමේන් අනතුරුවයි.
ජනාධිපතිවරයා පවා තම ආරක්ෂාවට යොදාගන්නා වාහන සංඛ්‍යාව අඩු කරමින් ආදර්ශයක් දී ඇති අවස්ථාවක අනෙක් පිරිසටත් එසේ කිරීමට හැකි නම් එය මේ අවස්ථාවේ විශාල සහනයක් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
"මම කවදාවත් බැකප් වාහන පාවිච්චි කරලා නෑ.ආණ්ඩුවට සල්ලි සල්ලි ඉතුරු කරන්න මට කරන්න පුළුවන් දේ මම කරලා තියෙනවා තියෙනව මං නිසා වෙන වාහන එක තෙල් පුච්චන්න මට අවශ්‍ය නෑ මේ හරහා මම අනෙකුත් ඇමති සගයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා."
යුද්ධ කාලයේදී මෙන් ආරක්ෂාවක් වර්තමානයේ දී මැති ඇමතිවරුන්ට අවශ්‍ය නොවන බවත් මෙම වසර සඳහා අලුත් වාහන ගෙන්වීම ,ඉදිකිරීම් ,ප්‍රතිසංස්කරණ ගෘහභාණ්ඩ ගැනීම ඇතුළු කිසිදු කටයුත්තක් සඳහා අමාත්‍යාංශවලට මුදල් වෙන් කර නොමැති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



