නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය සේවය එළඹෙන සඳුදා (08) සිට නැවතත් ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අන්තර් පළාත් සංචාරක තහනම පැනවීමෙන් පසු නොවැම්බර් 01 වනදා සිට අන්තර් පළාත් දුම්රිය සේවා යළි ක්‍රියාත්මක විය.
රාත්‍රි තැපැල් දුම්රිය සහ රාත්‍රි 7න් පසු සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය ධාවනය කිරීම පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ක්‍රමයට අනුව රාත්‍රි 7න් පසු මගී ඉල්ලුම මත පමණක් දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



