කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කර ඇති බව නිවේදනය කර තිබේ.
මෙම මරණ 15ත් සමග මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,821 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මියගිය පිරිසෙන් 13 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර තවත් දෙදෙනෙක් අවුරුදු 30 ත් 59 ත් අතර වේ.
මෙම පිරිසෙන් අය 06 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 09 දෙනෙකි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



