සපුගස්කන්ද, මාබිම පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හඳුනාගෙන තිබේ.
මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඞ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවක් බව.් ඇගේ සැමියා රාගම රෝහලට පැමිණ මළ සිරුර හදුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මෙම කාන්තාව 29 වෙනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ සැමියා විසින් බ්ලූමැණ්ඩල් පොලිස් ස්ථානයට ඉකුත් 30 වෙනිදා පැමිණිල්ලක්ද කර තිබෙන බව සඳහන්.
ඇය කාන්තාවන් කිහිප දෙනෙක් සමග කොළඹ නගරයේ සැරිසරමින් බූරු පිටි පවත්වාගෙන යන්නියක් බවට තොරතුරුද මේ වන විට පොලීසියට සැලවී තිබේ.
පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන අතර මෙහි අභිරහස වැඩි කාලයක් යන්නට මත්තෙන් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස පළකරයි.



