"එක රටක් එක නීතියක්" වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ලබාදීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් වීමට අදාළ ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (05) භාරදී තිබෙනවා.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා භාර ගෙන නැති අතර ඥානසාර හිමියන් එම තනතුරට පත්කිරීම පිළිබඳ පවතින වැරදි අවබෝධය වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ කාර්ය සාධනය ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා හමුවෙමින් අලි සබ්රි මහතා පවසා ඇත්තේ නීති සකස් කිරීම සඳහා රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දීත් මෙවැනි කාර්ය සාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටලු මතු වන්නක් විය හැකි බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු පැහැදීමක් නැති බව පවසා ඇති බව වාර්තා වනවා.
තමා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට මිස අන් දෙයකට නොවන බව මෙම අවස්ථාවේ දී ජනාධිපතිවරයා සඳහන් සඳහන් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එසේම නීති සකස් කිරීමේ ක්‍රියාවලියේ දී අධිකරණ අමාත්‍යවරයා ගේ දායකත්වය අනිවාර්යෙන්ම ලබා ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



