T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඊයේ (04) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කලා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 189ක් රැස් කළේ කඩුලු 3 ක් පමණක් දවා ගනිමින්.
එහිදී චරිත් අසලංක ලකුණු 68ක් රැස්කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 51ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



