ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයකු වන භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන ලද කොවැක්සින් නම් නව කෝවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කොවිඩ් මර්දන එන්නත් ලැයිස්තුව වෙත ඇතුලත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායමක් විසින් පරීක්ෂණයට ලක් කර ඇති මෙම එන්නත කෝවිඩ් මර්දනයට එරෙහිව ආරක්ෂා වීම සඳහා WHO ප්‍රමිතීන් සපුරාලන බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි වයස් කාණ්ඩවල පුද්ගලයන්ට සති 4ක පරතරයක් සහිතව මාත්‍රා දෙකකින් Covaxin භාවිත කිරීම නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම එන්නත තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් සිදු කරමින් පවතින අතරතුර ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාව තුළ භාවිතයට ගැනීම නිසා එම තීරණය දැඩි විවේචනයට ලක්වූ අතර මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීම සඳහා අයදුම් කර තිබෙන්නේ පසුගිය ජුලි මාසයේදී ය.
මෙම නව කොවැක්ස් එන්නත කෝවිඩ් වෛරසයට එරෙහිව 78% ඵලදායී බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වැඩිදුරටත් පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



