කොටපොළ ජාතික පාසල ඉදිරිපිට ඊයේ (09) පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතරතුර ගුරුවරියක් ඇද වැටී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් ලෙස සේවය කළ 27 හැවිරිදි වරුණි අසංකා මධුභාෂිණී නම් තැනැත්තියයි.
ඇය දෙනියාය මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියක් බව කොස්මෝදර පොලිසිය පවසනවා.
මියගිය ගුරුවරිය කාලයක් තිස්සේ හෘදයාබාධවලට ලක් වී ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර බයිපාස් සැත්කමකට ද මුහුණ දී ඇති බව වාර්තා වනවා.
1990 සුවසැරිය ගිලන් රථයක් මඟින් රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් තිබූ බවත් හදිසි හෘදයාබාධයක් නිසා ඇය මිය යන්නට ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මියගිය ගුරුවරියගේ හදිසි මරණ පරීක්ෂණය අද (10) දෙනියාය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.