කුරුණෑගල, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතටපස්කන්දක් කඩා වැටී එහි සිටි තරුණියක් මියගොස් තිබේ.
අලව්ව පොලිස් වසමට අයත් මෙම නිවස මතට ඊයේ රාත්‍රියේ (08) මෙම පස් කන්ද කඩා වැටී ඇත. සිදුවීම සිදුවන අවස්ථාවේ නිවස තුළ සිට ඇත්තේ, මියගිය තරුණියත් ඇගේ මව සහ සොහොයුරා පමණක් බව පොලිස්මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පකාශ කරයි.
නාය යෑමෙන් බරපතළ තුවාල ලැබූ, අදාළ තරුණිය නාරම්මල රෝහලට ඇතුළත් කිරීමේදී මිගොස් පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සඳුනි ජයසූරිය නමැති කොළඹ පෞද්ගලික රෝහලක සේවය කළ 23 හැවිරිදි තරුණියක බව ආරංචිමාර්ග සඳහන් කරයි.
අනතුරින් නිවසේ සෙසු කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.